29th October 2024 14:22:11 Hours
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝබර් මස 25 දින 5 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. පසුව, එතුමන් එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් ප්‍රධාන මෙහෙයුම් ඉලක්කයන් සහ චිත්ත ධෛර්යය ගොඩනැගීමේ කරුණු පිළිබඳව සාකච්ඡා කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
අනතුරුව, එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, කඳවුරෙහි ඇති පහසුකම් පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය. නිල සංචාරය සමාප්තියේ එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීය.
මෙම අවස්ථාවට 111 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.ඩබ්ලිව්.කේ. ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.