25th October 2024 19:19:04 Hours
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයේ අතිගරු තානාපති සෙමී ලුට්ෆු තුර්ගූත් මහතා 2024 ඔක්තෝම්බර් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, දශක කිහිපයක් පුරා තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. එහිදී, දෙරටෙහි ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම සහ තවදුරටත් එම සහයෝගීතාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ගවේෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ අතිගරු තානාපති සෙමී ලුට්ෆු තුර්ගූත් මහතා අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි. සුහඳ හමුව සමාප්තියේ, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය.