23rd October 2024 15:36:45 Hours
ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝබර් මස 20 දින බොරැල්ල, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව එතුමන් එම බලකා රණවිරු ස්මාරකය අභියසදී රටවෙනුවෙන් දිවිපිදූ වීරෝදාර කාන්තා සෙබළියන් සිහිකරමින් පුෂ්පෝපහාර පුද කළේය.
පසුව බලකාධිපතිතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය සිදු කළේය. උත්සව කටයුතු අවසානයේ කාන්තා බලකා නිලධාරී නිවස්නයෙහි හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ භෝජන සංග්‍රයක් ද පැවැත්වීය
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.