23rd October 2024 15:34:47 Hours
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම පීඑස්සී 2024 ඔක්තෝබර් මස 21 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව නව ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී.
පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිණමන ලදී. අනතුරුව එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නව සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘නා පැළයක්’ රෝපණය කළ අතර, පසුව භටපිරිස් ආමන්ත්‍රණය සිදු කළේය.
මෙම අවස්ථාවට පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.