23rd October 2024 06:42:47 Hours
ධුරයෙන් නික්ම යන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝබර් මස 19 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
උත්සව කටයුතු අවසානයේ එතුමන් සියලු නිලයන් ආමන්ත්‍රණය කරනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.