Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2024 19:26:31 Hours

56 පාබල සේනාංකයේ 27 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

56 පාබල සේනාංකයේ 27 වන සංවත්සරය දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම පාබල සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 ඔක්තෝබර් මස 17 දින පවත්වනු ලැබීය.

සංවත්සර සැමරුම් උත්සවය ආරම්භ කරමින් සේනාංකාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කිරීම සිදුකළහ. අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. පසුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

උත්සවයට සමගාමීව සේනාංකයට ආශිර්වාද එක් කිරීම සඳහා බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික වැඩසටහන් ද පවත්වන ලදී. සැමරුම් උත්සවය සඳහා 56 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.