Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2024 14:45:49 Hours

ඉන්දියානු උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකතුමන් හමුවෙයි

ඉන්දියානු උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ඔවුන්ගේ එම පාඨමාලාවේ කොටසක් ලෙස 2024 ඔක්තෝබර් මස 17 දින අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණියහ. එසේ පැමිණි කර්නල් කේදාර් දත්තත්‍රායා ගුප්තා, කර්නල් ආදිත්‍ය කුමාර්, කර්නල් රාජ් අභිනව් සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකතුමන් හමුවිය.

සංචාරය අතරතුර පැවති සාකච්ඡාවේදී වසර ගණනාවක් පුරා දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, එහිදී නියෝජිත පිරිස ඉන්දීය රජයේ ප්‍රදානයකින් මෙම විද්‍යාපිඨයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන සැලසුම් පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය. සාකච්ඡාව අවසානයේදී දේපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවූහ. මෙම නියෝජිත පිරිස මෙරට ස්ථාපිත ප්‍රධාන හමුදා කඳවුරු වෙතද සංචාරයේ නිරත වීමට නියමිතව ඇත.