21st October 2024 19:03:32 Hours
වසර 34ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ආර්.එම්.පී.එස්.බී. රත්නායක එන්ඩීසී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 21 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, මානුෂීය මෙහෙයුමේදී මෙන්ම වෘත්තීය දිවිය තුළදී එතුමන් දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාවය පුදකළේය. සිය වෘත්තීය දිවිය තුළදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පවුලේ සාමාජිකයන් වෙත පුදකරනු ලැබීය.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් ආර්.එම්.පී.එස්.බී. රත්නායක එන්ඩීසී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත තිළිණයන් ද ප්‍රදානය කරනු ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ආර්.එම්.පී.එස්.බී. රත්නායක එන්ඩීසී පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 මාර්තු මස 13 දින ශ්‍රී ලංකා සංඥා බලකායට අනුයුක්ත කරනු ලැබීය. වෘත්තීය දිවිය තුළදී ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2024 මැයි මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 ඔක්තෝබර් මස 24 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.
සිය වෘත්තීය දිවිය තුළදී, සංඥා පුහුණු පාසලේ උපදේශක, 1 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩභාර නිලධාරි, 5 පාබල බලසේනාවේ අභ්‍යන්තර ආරක්‍ෂක නිලධාරි, 3 පාබල බලසේනාවේ සංඥා නිලධාරි, 1 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ මෝටර් රථ ප්‍රවාහන නිලධාරි, 22 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 3 (ක්‍රියාන්විත), 6 පාබල බලසේනාවේ සංඥා නිලධාරි, 5 ආධාරක බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරි අණදෙන, 52 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරි, 1 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා බලඝණයේ නිලධාරි අණදෙන, 22 පාබල සේනාංක සංඥා බලඝණයේ නිලධාරි අණදෙන, 1 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන බලඝණයේ නිලධාරි අණදෙන, 515 පාබල බලසේනාවේ බලසේනා මේජර්, සංඥා පුහුණු පාසලේ පුහුණු හා පාලන නිලධාරි, සංඥා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 6 ආධාරක බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරි, මන්නාරම ප්‍රාදේශීය මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 54 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (විද්‍යුත් සංග්‍රාමික), 7 ආධාරක බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, 7 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, නිලධාරී වෘත්තීය ප්‍රගමණ ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පාලන අංශයේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1, 65 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 561 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ විසදුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ), ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදන ආඥාපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
එමෙන්ම, සිය හමුදා දිවිය තුළදී, නිලධාරි විශිෂ්ඨතා පාඨමාලාව, මෝටාර් බෝම්බ ප්‍රවාහන නිලධාරී පාඨමාලාව, පරිගණක හඳුන්වාදීමේ පාඨමාලාව, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව යන පාඨමාලාවන් මෙරටදී හදාරා ඇති එතුමන් සංඥා තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව සහ සංඥා කණ්ඩායම් භාර නිලධාරි පාඨමාලාව - ඉන්දියාව වැනි විදෙස් පාඨමාලාවන් ද හදාරා ඇත.
මේ අතර, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඇමරිකන් කොලේජ් උසස් අධ්‍යාපන ආයතනයේ මානව සම්පත් කළමනාකරණ සහ සංවිධානාත්මක හැසිරීම පිළිබඳ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාව සහ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද සපුරා ඇත.