Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2024 20:40:30 Hours

11 පාබල සේනාංකයේ භටපිරිස් කලල්පිටිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් මාතලේ, කලල්පිටිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස 2024 ඔක්තෝබර් මස 19 දින ප්‍රථිලාභීන් වෙත භාරදෙන ලදී.

නව නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රධානත්වයෙන් නිවාස ලාභී පවුල වෙත භාරදෙන ලදී. නිවස ඉදිකිරීම සඳහා 306 බී/2 ඕෂන් සිටි සිංහ සමාජය සහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය දායකත්වය හිමිවූහ.

උත්සව අවස්ථාවට සමගාමීව එම ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය පාර්සල් 30 ක් හා ගම්වාසීන් අතර ඇස් කණ්ණාඩි 500 ක්, දිවා ආහාර පාර්සල් 500 ක්, පුවක් පැල 300 ක් සහ වඩු කාර්මික උපකරණ කට්ටල 10 ක් ද බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී හා එතුමන්ගේ භාර්යාව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පරිත්‍යාගශීලීන්, නිවාස ලාභී පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.