Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2024 14:45:45 Hours

24 පාබල සේනාංකය නව වාහන අංගනයක් ඉදි කරයි

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් ඉදි කරන ලද නව වාහන අංගනය 2024 ඔක්තෝබර් මස 16 දින විවෘත කරන ලදී.

විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී විය. මෙම සේනාංක බල ප්‍රදේශයේ යුද්ධ හමුදා රථ වාහන නවිකරණය කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා මෙම වාහන අංගනය ඉදිකර ඇත.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.