Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2024 14:20:53 Hours

ආලන්කුලම් බලඇණි පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ආලන්කුලම් බලඇණි පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් පී.ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්.එම්.ජේ.ආර්.බී.ඩබ්ලිව්.පල්ලෙකුඹුර 2024 ඔක්තෝබර් මස 16 දින රාජකාරි භාරගන්නා ලදී.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. පසුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සිදුවිය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.