Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2024 14:13:25 Hours

උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 12 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලැබූ උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 12, ගම්පොළ පිහිටි එම පුහුණු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 30 දින සිට ඔක්තෝබර් මස 16 දින දක්වා සාර්ථකව පවත්වන ලදී. මෙම පාඨමාලාව සඳහා සිසුන් 57 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ආපදා ප්‍රතිචාර දැක්වීම සහ ආපදා කළමනාකරණය පිළිබඳ ඔවුන්ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කරන ලදී.

පාඨමාලා පුහුණු කාලය තුල දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නි/71076 කපිතන් එන්.ඒ.එස්.එස් නාපාගොඩ කුසලතා අනුපිළිවෙලින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ආර්.එම්.එච්.පී.කේ. රත්නායක පාඨමාලාවේ අවසන් දින දේශණය සිදුකරමින් මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුම දෙනාගේ උත්සාහය පැසසුමට ලක් කරමින් ආපදා ප්‍රතිචාර දැක්වීමේදී සූදානමේ ඇති වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කළේය.