Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2024 09:00:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ඉලවාලෛයි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් ලෙස යාපනය, ඉලවාලෛයි ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් මධ්‍යයේ ප්‍රථිලාභීන් වෙත 2024 ඔක්තොබර් මස 18 දින පවරා දෙන ලදී.

10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය මත සිංහ පී සිවකුමාර්, ගාමිණී රත්නායක, ජෙයරාජ්, වජින්ද්‍ර කන්නන්ගර, රිතුබන්, අමරසිංහම් දුෂ්යන්දම් යන මහත්ම මහත්මීන් ඇතුළු බොම්බඩියර් වයි.එම් ජයතිස්ස සහ 10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම නිවස ඉදිකරන ලදී. මෙම ව්‍යාපෘතිය 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 513 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත සිදුකරනු ලැබීය .

උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රථිලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.