Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2024 21:52:03 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 11 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 14 දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව, 5(ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිණැමීය.

මෙම සංචාරය අතරතුරදී, එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැලයක් ද රෝපණය කර අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී. සංචාරයේ කටයුතු සමාප්ත කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.

අනතුරුව, මෙම නිල සංචාරයට සමගාමීව එතුමන් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන්, ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන ගිහි භාරකරු (දියවඩන නිලමේ) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ද හමුවිය.