19th October 2024 12:00:10 Hours
1 බලකායේ 6 වන බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 16 දින, කිලිනොච්චියේ පිහිටි එම බලකා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව බලකාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අසලදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
අනතුරුව, 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජී.පී.පී කුලතිලක එන්ඩීසී විසින් එතුමන්ව උණුසුම් ලෙස පිළිගත් අතර, පසුව 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, නව බලකාධිපතිතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී.
පසුව, එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කර 1 බලකාය යටතේ රාජකාරියෙහි නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයක් සඳහා ද පෙනී සිටියේය.
අනතුරුව, බලකාධිපතිතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කර තම රාජකාරිය සහ වගකීම් පිළිබඳව නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කරන ලදී.
උත්සව කටයුතු අවසන් කරමින් එතුමන් 1 බලකා මූලස්ථානයේ, කොමිෂන් නොලත් සමාජ ශාලාවේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.