18th October 2024 18:24:58 Hours
වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 ඔක්තෝබර් මස 18 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළදී තම වෘත්තීය ජීවිතය පුරාවට විවිධ අභියෝගාත්මක භූමිකාවන් හිදී නොසැලෙන කැපවීමෙන් සහ ආදර්ශමත් කාර්ය සාධනයෙන් යුතුව ක්‍රියා කිරීම පිළිබඳව ඇගයීමට ලක් කළේය.
එසේම එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ යුද්ධ හමුදා වෘත්තීය දිවිය තුළ රාජකාරි කිරීමේදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙතද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.
සුහඳ හමුවෙ සමාප්තියේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාවේදී තමා වෙත ලබාදුන් මඟපෙන්වීම් සහ සහයෝගයන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය ස්තූතිය පුදකළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයන් ප්‍රදානය කරනු ලැබීය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැදින්වීමක් පහත දැක්වේ.
මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 1989 ජුලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 32 යටතේ පුහුණුව ලබා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුලත් වෙන ලදී. දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් එතුමන් වර්ෂ 1991 ජනවාරි මස 19 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2022 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව එතුමන් 2024 ඔක්තෝබර් මස 23 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති යන තනතුරු හොබවයි
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුල 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ කණ්ඩභාර නිලධාරී හා නිලධාරි අණදෙන, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 3, 553 පාබල බලසේනාවේ බලසේනා මේජර්, මේජර් (පරිපාලන සහ භඨකාර්ය සම්පාදක) කලාප මූලස්ථානය - ගාල්ල, 214 පාබල බලසේනාවේ බලසේනා මේජර්, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි, 52 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම්), 3 ආධාරක බළඇණි ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, 27 බළඇණි ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, 12 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), 12 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (මෙහෙයුම්), සටන් පුහුණු පාසලේ පුහුණු අංශ අණදෙන නිලධාරී, 24 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා පුහුණු අණසක කර්නල් (උපායමාර්ගික හා මූලධර්ම), යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (පුහුණු), 515 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 682 පාබල බලසේනාවේ බලසේනාධිපති, 143 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ වත්කම් කළමණාකරන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, 68 පාබල සේනාංකයේ සහ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.
තවද මානුෂික මෙහෙයුම් වලදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණ සූර පදක්කමෙන් හිමිකර ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් තම යුද්ධ හමුදා සේවා කාලය තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය -වන්නි ප්‍රදේශයේ පෙනීමේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා අක්‍ෂි සායන වැඩසටහනක් ආරම්භ කර, අක්‍ෂි පරීක්‍ෂාවට පහසුකම් සැලසීම සහ අවශ්‍යතා ඇති ප්‍රදේශවාසීන්ට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ආරම්භ කළේය.
එතුමන් සිය හමුදා දිවිය තුළ කණ්ඩභාර නිලධාරී උපක්‍රම පාඨමාලාව, මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන්ගේ පාඨමාලා, බලඇණි ආධාරක අවි නිළධාරී පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලා, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, ජාතික ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාබල පාඨමාලාව - පකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂණ පාඨමාලාව - ස්විට්සර්ලන්තය සහ අතරමැදි අණදීම් වැඩසටහන - චීනය ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රුසක් හදාරා ඇත.
එතුමන් සිය හමුදා දිවිය තුළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය සහ ආරක්‍ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය වැනි පාඨමාලා රැසක් හදාරා ඇත.