16th October 2024 14:19:36 Hours
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 14 සහ 15 දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී, උපාය මාර්ගික අධ්‍යයනය සහ ජාත්‍යන්තර සබඳතා, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය, කළමනාකරණය, සෞඛ්‍ය විද්‍යාව, නිර්මිත පරිසරය හා අවකාශීය විද්‍යාව, පරිගණක තාක්‍ෂණය ඇතුළු විවිධ අධ්‍යයන විෂයයන්හි උපාධි අපේක්‍ෂකයින් වෙත උපාධි සහතිකපත් පිරිනැමිණි.
මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
මෙම උත්සවයේදී, උපාධිධාරීන් 1,728 දෙනෙකු වෙත ආචාර්ය උපාධි, ශාස්ත්‍රපති උපාධි, ප්‍රථම උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය. එහිදී, විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන්හි දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරිණි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් 2024 වර්ෂයේ උපාධිලාභීන් වෙත සිය හෘදයාංගම සුභපැතුම් පිරිනැමූ අතර, ඔවුන්ගේ ජයග්‍රහණයන් සහ අධ්‍යයන කටයුතු සඳහා දක්වන කැපවීම ඇගයීමට ලක්කළේය.
මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පතිතුමන්, විශ්වවිද්‍යාල ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, උපාධිලාභීන්ගේ දෙමාපියන් සහ සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.