14th October 2024 17:59:01 Hours
ඉන්දියාවේ ආරක්‍ෂක කළමනාකරණ මාණ්ඩලික විද්‍යාලයේ කර්නල් කේදාර් දත්තත්‍රයා ගුප්තේ (Kedar Dattatraya Gupte), ගෲප් කපිතාන් දිපේන්ද්‍ර භදෝරියා (Dipendra Bhadoria), කර්නල් කුනාල් රමේෂ් ලෝනාරි (Kunal Ramesh Lonari) සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගී (Lieutenant Colonel Mandeep Singh Negi) යන නිලධාරීන් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 14 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩු හමුවිය.
සුහඳ හමුව අතරතුර, දෙපාර්ශවය විසින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් අතර ඓතිහාසික වශයෙන් පවතින්නා වූ සුහදතාවය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව අදහස් හුවමාරු ගන්නා ලදී.
මෙම සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ඉන්දීය නියෝජිත පිරිස අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාවට යුද සේවා ලේකම් මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ද සහභාගී විය.