Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2024 18:58:41 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවසක් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් පවරාදෙයි

යාපනය, චංකනායි ප්‍රදේශයේ වෙසෙන සෙල්වරාසා සුදාකරන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 09 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ අදියරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.එම්.එල්.පී. ඒකනායක යූඑස්පී ගේ අධීක්‍ෂණය මත 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දානපති වී. තබෝධරන් මහතාගේ මූල්‍යමය අනුග්‍රහය හිමිවිය.

උත්සවය අතරතුරදී, ආගමික වතාවත් මධ්‍යයේ සෙල්වරාසා සුදාකරන් මහතා ඇතුළු සිය පවුලේ සාමාජිකයන් වෙත නව නිවසේ යතුරු ප්‍රදානය කෙරිණි.

යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින් අවශ්‍යතා සහිත පවුල්වල අනාගත බලාපොරොත්තු සාක්‍ෂාත් කරමින් මෙම නව නිවස ඔවුන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.