Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2024 18:54:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් 9 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී 2024 ඔක්තෝබර් මස 04 දින සිය මව් ඒකකය වන 9 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරතවිය.

යාපනය ප්‍රදේශයේ ස්ථාපිත 9 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.ආර්.ඩබ්ලිව්.ආර්. කුමාර විසින් සංචාරයේ නිරත නියෝජ්‍ය සේනාවිධායකතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

මෙම සංචාරයේදී, නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත එම බලඇණියේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් හඳුන්වා දීමෙන් අනතුරුව එතුමන් එම ඒකක පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

පසුව භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරාල් සිසිර කුමාර ආර්එස්පී එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. එහිදී, ස්වේච්ඡා බලසේනා නිලධාරියෙකු ලෙස ඉහළම නිලය දරමින් නැවත සිය මව් ඒකකයට පැමිණීම පිළිබඳව ඔහු සිය අභිමානය ද ප්‍රකාශ කළේය. තවද, කැපවීමෙන් සහ නොපසුබට උත්සාහයෙන් තම වෘත්තීය දිවිය තුළ විශිෂ්ඨත්වය සඳහා උත්සාහයෙන් රාජකාරි ඉටුකරන ලෙස එතුමන් නිලධාරීන් දිරිමත් කළේය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත සමරු තිළිණයක් පිරිනැමිණි.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.