13th October 2024 18:55:50 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී 2024 ඔක්තෝම්බර් මස 5 දින එම බලසේනාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
එම පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නියෝජ්‍ය සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්න කේඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.
මෙම සංචාරයේදි, කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්න කේඑස්පී විසින් එම පුහුණු පාසලේ ජයග්‍රහණ සහ අනාගත අවශ්‍යතාවයන් සබැඳිව නියෝජ්‍ය සේනාවිධායකතුමන් දැනුවත් කළේය. පසුව භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් පසුගිය දිනවල සිදුකළ පුහුණු විගණනයකදී එම පුහුණු පාසල විශිෂ්ට මට්ටමක ස්ථාවර ප්‍රගතියක් ලබාගැනීම සබැඳිව සිය ස්තූතිය ප්‍රකාශ කළේය.
ස්වේච්ඡා බලසේනා සාමාජිකයින්ගේ පුහුණු කටයුතුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා කැපවූ උත්සාහයන් වෙනුවෙන් එතුමන් එම පුහුණු පාසල් කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාවය පුදකළේය.
සිය දේශනයෙන් අනතුරුව, පුහුණු පාසලේ සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් සිසිර කුමාර ආර්එස්පී සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.