Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2024 18:21:17 Hours

212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සුරතින් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික විද්‍යාලයේ නව ශිෂ්‍ය නායකයින් වෙත නිළ ලාංඡන පළඳවයි

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 05 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී වූයේය.

මෙම උත්සවය අතරතුරදී, 212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සුරතින් නව ශිෂ්‍ය නායකයින් 217 දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීය. ඉන් අනතුරුව, එම ශිෂ්‍ය නායකයින් ආමන්ත්‍රණය කළ එතුමන් නායකත්වය, විනය සහ දේශප්‍රේමයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. මෙම අවස්ථාවට ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් රැසක් සහභාගී වූහ.