12th October 2024 15:07:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 2024 ඔක්තෝම්බර් මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ‘රත් සඳුන්’ පැළයක් රෝපණය කරනු ලැබීය.
ඊට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෘෂිකාර්මික ව්‍යාපෘතියේදී ද ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් ද රුක් රෝපණ වැඩසටහන දියත් කරනු ලැබීය. ඒ අනුව, දිවයින පුරා මෙන්ම සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකකයන් තුළ පැළ 37,635 ක් රෝපණය කරන ලදී. මීට අමතරව, එම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් තෝරාගත් පාසල් 25 ක් තුළ පැළ 2,500 ක්, විවිධ ස්ථානවල කුරුඳු පැළ 15,000 ක් සහ තවත් යුද්ධ හමුදා ආයතනයන් තුළ TEJC අඹ පැළ 1,500 ක් රෝපණය කරනු ලැබීය.