Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2024 18:21:31 Hours

ඉන්දීය හමුදා සාමාජිකයන් ශ්‍රි ලංකාවේ සංස්කෘතික චාරිකාවක නිරත වෙයි

2024 වර්ෂයේදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංස්කෘතික චාරිකාවක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 02 දින ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දියානු හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 119 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවට පැමිණ පසුදින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සංවිධානය කරනු ලැබූ සංස්කෘතික ප්‍රසංගයකට ද සංචාරක ඉන්දීය හමුදා සාමාජිකයන් සහභාගි වූහ. එමෙන්ම, හග්ගල උද්භිද උද්‍යානය, ආරුක්කු නවය පාලම, රාවණා ඇල්ල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශයන්වල ද ඔවුන් සංචාරය කළහ.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.