11th October 2024 15:59:18 Hours
11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 9 දින යාපනය, වාද්දූ උතුර, කට්පගචෝලෙයි පෙර පාසලේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.එම්.එල්.පී. ඒකනායක යූඑස්පී සහභාගී විය. මෙම වැඩසටහනේදී, පෙර පාසල් ළමුන් 27 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදුන් අතර, උත්සවය අතරතුරදී එම ළමුන්ගේ කලා කුසලතාවයන් ද එළිදැක්වීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුරු භවතුන් සහ දෙමාපියන් ද එක්ව සිටියහ.