Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2024 16:03:11 Hours

ධුරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

ධුරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් 08 වන දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමන් පෙනී සිටියේය.

ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් භටපිරිස් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.