Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2024 14:13:58 Hours

52 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් 52 පාබල සේනාංකයේ භටපිරිස් 2024 ඔක්තෝබර් මස 8 දින එම සේනාංක මුලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා යාපනය ශික්‍ෂණ රෝහලේ ජාතික රුධිර බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය හිමිවිය. මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයන් 150 කට අධික පිරිසක් සහභාගී වූහ.