Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2024 15:53:35 Hours

විශේෂ බලකායේ මූලිකත්වයෙන් කොහොනාවල ප්‍රදේශයේ නව බස් නැවතුම්පොළක් ඉඳිකෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් කොහොනාවල ප්‍රදේශයේ ඒ 9 මාර්ගයට යාබදව ඉදිකරනු ලැබූ බස් නැවතුම්පොළ 2024 ඔක්තෝම්බර් මස 09 දින විවෘත කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. අභිනවයෙන් ඉදිකරනු ලැබූ බස් නැවතුම්පොළ 2024 ඔක්තෝබර් මස 10 දින නිල වශයෙන් මහජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි.