10th October 2024 11:02:10 Hours
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින සැමරුමට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ අනුමැතිය සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නිර්දේශය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි නිලධාරින් 139 දෙනෙක් සහ සෙසුනිලයන් 1273 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය.
ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලැබූහ.
එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 99 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 185 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 380 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 346 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 152 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලැබූහ.