09th October 2024 12:30:30 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 21 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 07 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
මූලස්ථානය වෙත පැමිණි නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එම උත්සවයේ වැදගත්කම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළ එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
පසුව, ආඥාපතිතුමන් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් නව ධූරය භාර ගැනීම සනිටුහන් කිරමින් නිල ලේඛනයකට සිය අත්සන තැබීය.
හමුදා සම්ප්‍රදායික කටයුතු වලින් අනතුරුව, නව පත්වීම් ලද ආඥාපතිතුමන් භටපිරිස් ඇමතූ අතර, අනතුරුව කොමිෂන් නොලත් නිළධාරීන්ගේ සමාජ ශාලාවේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය.
අනතුරුව, එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන සහ භකාස, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම මූලස්ථානය අණදෙන ඒකක යටතේ රාජකාරී සිදු කරන සියලු මාණ්ඩලික නිලධාරීන් විසින් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එතුමන් සහභාගී විය.
අවසාන වශයෙන්, ආඥාපතිතුමන් තම ඉදිරිදැක්ම ප්‍රකාශ කරමින් එතුමන් සමඟින් රාජකාරීන් සිදුකරපු සහ දැනට රාජකාරි සිදුකරමින් සිටින සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත තම කෘතඥතාවය පලකළේය.