08th October 2024 15:28:45 Hours
වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා දිවිය නිමාකරමින් ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් දියතලාව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 6 දින පැවැත්විණි.
මෙම උත්සවයේදී, ධුරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට සහභාගී වූ මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ධුරයෙන් නික්මයෑම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.
ඉන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.
එමෙන්ම, නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත ඔවුන්ගේ සහයෝගය ලබාදෙන මෙන් එතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විසින් ඉටු කරන ලද සේවය අගයකරමින් එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් කඳවුරෙහි ප්‍රධාන මාර්ගය දෙපස සිට සම්ප්‍රදායික ආචාරය පුද කරනු ලැබීය.