Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2024 15:29:02 Hours

‘බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලා අංක – 08’ සාර්ථකව අවසන්

‘බෝම්බ සහ වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලා අංක - 08’ හි විසිරයාමේ පෙළපාලිය සහ සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 04 දින ඉංජිනේරු පුහුණු පාසලේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් ජේ.ඒ.සී.එස්. ජාගොඩ පීඑස්සී ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය.

එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, වැඩබලන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

පසුව, එම පුහුණු පාඨමාලාව හැදෑරූ සිසුන් විසින් වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ ආදර්ශනයක් ද එළිදැක්වීය. අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ කාර්ය නියුක්ත සේනාවිධායකතුමන් එක්ව පාඨමාලාව හැදෑරූ සිසුන් වෙත බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ ලාංඡන පළඳවනු ලැබූහ.

එහිදී, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරියෙක් සහ සෙසුනිලයන් 23 දෙනෙකු වෙත එම ලාංඡන පැළඳවීය.

මෙම අවස්ථාවේදී, ‘බෝම්බ සහ වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලා අංක - 08’ හි විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසුන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කෙරිණි. එහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් දේශනයක් පවත්වමින් පාඨමාලාව හැදෑරූ සිසුන් වෙත සිය සුබපැතුම් එක්කළේය.

ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසලේ සිදුකළ පුහුණු කාලය තුළ ඔවුන් දැක්වූ විශේෂ දක්‍ෂතාවය වෙනුවෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූවන් විශේෂ ඇගයීමට ලක්විය.

දක්‍ෂතා අනුව ප්‍රථම ස්ථානය - කපිතන් එන්.ආර්.ජේ. තුඩාවහේවා

දක්‍ෂතා අනුව දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් බී.එම්.එස්.එල්. ආරියරත්න

දක්‍ෂතා අනුව තෙවන ස්ථානය - ඉංජිනේරු සෙබළ ජී.අයි. සම්පත්

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් ඩී.බී.එල්. කොලොන්නෙ යූඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යූඑස්පී, 12 පාබල සේනාංකයයේ නියෝජ්‍ය සේනාංකාධිපති, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගි වූහ.