09th October 2024 12:25:34 Hours
විශ්‍රාම දිවියට එළඹීම සඳහා ධූරයෙන් නික්ම යන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 05 දින එම මූලස්ථානයේදී පැවැත්විණි.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් එතුමන් වෙත 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
ධූරයෙන් නික්මයාම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව එතුමන් සමූහ ඡායාරූප කිහිපයක් සඳහා ද පෙනී සිටියේය.
ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතවේදීත්වය පුදකළ අතර, යුද්ධ හමුදාවේ කීර්තිනාමය ඉහළ නැංවීම වෙනුවෙන් අඛණ්ඩව කැපවීමෙන් රාජකාරි කරන මෙන් ඔවුන් දැනුවත් කළේය.
උත්සවයේ සමාප්තියට ප්‍රථම 1 බලකා මූලස්ථාන කොමිශන් නොලත් නිලධාරී සමාජ ශාලාවේදී පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී වූහ. එදින සන්ධ්‍යවේ නිලධාරී නිවස්නයේදී හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී එතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රධානය කරනු ලැබීණි.