08th October 2024 15:32:16 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නව නිවාස ව්‍යාපෘතියක් 2024 ජූලි මස 06 දින ආරම්භ කරන ලදී.
එම ව්‍යපෘතියේ කොටසක් වශයෙන් මොරතැන්න, හත්තොටඅමුණ, ප්‍රදේශයේ ජීවත් වන සැරයන් කේ.ඩී.ආර් කුමාරගේ යූඑස්පී වෙත ඉදිකර දෙනු ලැබූ නව නිවස 2024 ඔක්තෝම්බර් මස 05 දින 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී එම මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත පවරා දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.