08th October 2024 20:16:37 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී ගේ දේහය වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු 2024 ඔක්තෝම්බර් මස 08 දින ජයරත්න මල්ශාලාවේ දී සිය ගෞරවාචාරයන් පුදකළේය.
එහිදී, කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමෙන් සිය හෘදයාංගම ශෝකය පුදකළේය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී කෙටි අසනීපයක් හේතුවෙන් 2024 ඔක්තෝම්බර් මස 07 දින උදෑසන අභාවප්‍රාප්ත විය.
වර්ෂ 1996 ජූලි මස 15 දින කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 45 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳුනු කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1998 ජුනි මස 20 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත කෙරිණි. සිය වෘත්තීය දිවිය තුළ විවිධ තනතුර හොබවමින් ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2024 මැයි මස 18 දින කර්නල් නිලයට උසස්වීම් ලැබීය. අභාවප්‍රාප්ත වන විට එතුමන් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (බඳවාගැනීම්) ධුරය හොබවමින් සිටියේය.