07th October 2024 16:57:45 Hours
අනුරාධපුර, කලත්තෑව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස කර්නල් එස්.ජේ සමරසිංහ පීඑස්සී 2024 ඔක්තොබර් මස 02 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව සේනාවිධායකතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.