Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2024 17:20:07 Hours

ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හමුවෙයි

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි, එස්.එම් (Lieutenant Colonel Mandeep Singh Negi, SM) 2024 ඔක්තෝබර් මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හමුවිය.

පැවති සුහද හමුව අතරතුර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක අතර, ද්විපාර්ශවීය වැදගත් කරුණු පිළිබඳව සහ දෙරටෙහි සන්නද්ධ හමුදාවන් අතර සුහදතාවය, සහයෝගීතාවය සහ අවබෝධතාවය වැඩිදියුණු කිරීම යන කරුණු පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය.

සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක අතර සුහදතාවය සංකේතවත් කරමින් විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.