07th October 2024 17:07:36 Hours
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 29 දින 7 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.
සංචාරයේ නිරත බලකාධිපතිතුමන්ව 7 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් බලකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම ඒකකයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.
එම ඒකකයේ වගකීම් සහ කාර්යභාරයන් සබැඳිව බලකාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ සංචාරයක ද නිරත විය. ඉන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළ බලකාධිපතිතුමන් විනය, සම්පත් කළමනාකරණය සහ මූල්‍ය වගකීම් පිළිබඳව භටපිරිස් දැනුවත් කළේය. නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ එතුමන් සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.