Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2024 14:36:31 Hours

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති 593 පාබල බලසේනාවේ සංචාරයක

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝම්බර් මස 02 දින 593 පාබල බලසේනාව, 6 බලඇණිය ගැමුණු හේවා බලකාය සහ 6 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව බලසේනාධිපතිතුමන් සහ අණදෙන නිලධාරීන් විසින් සිය මූලස්ථානයන්හී යෙදවීම, ක්‍රියාන්විත භූමිකාවන් සහ සිය බලප්‍රදේශයේ දෛනික රාජකාරීන් පිළිබඳව සවිස්තරාත්මකව සේනාංකාධිපතිතුමන් දැනුවත් කළහ.

සංචාරය අතරතුර භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් වෙත අවශ්‍ය මඟපෙන්වීම් සහ දිරිගැන්වීම් ලබාදුන්නේය. එම මූලස්ථානයන්ගෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් එම මූලස්ථානයන්හී විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.

මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.