06th October 2024 14:29:15 Hours
නවතමයෙන් පත්වූ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 18 දින සිට 20 දක්වා 221, 222, සහ 223 පාබල බලසේනා සහ ඒවාට අදාළ බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කළේය.
එතුමන්ගේ මෙම සංචාරයන්හි මූලික අරමුණ වූයේ 22 පාබල සේනාංක බලප්‍රදේශයේ භට පිරිස් යෙදවීම සහ එම සේනාංකය අණ දෙන බලසේනා සහ බලඇණි වෙත පැවරී ඇති කාර්යයන් සහ රාජකාරි පිළිබඳව අවබෝධයක් ලබාගැනීමය.
යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සේනාංකාධිපතිතුමන්ව සෑම මූලස්ථානයකදීම උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. මෙම සංචාරයේදී භට පිරිස් ඇමතීම, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගේ සවිස්තරාත්මක කරුණු දැක්වීම් සහ එක් එක් මූලස්ථානයන්හි රාජකාරීන් පිළිබඳ විස්තර ඇතුළත් විය.