06th October 2024 14:26:51 Hours
59 පාබල සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 සැප්තැම්බර් මස 30 දින 592 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් 592 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව සේනාංකාධිපතිතුමන්ව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කරන ලදී. පසුව සේනාංකාධිපතිතුමන් විසින් එම බලසේනාව මෙන්ම එහි බළඇණි පරිශ්‍රයන් සහ ඔඩ්ඩුසුඩාන් කලමුරිප්පු ප්‍රදේශයේ පිහිටි උළු කම්හලක නිරීක්ෂණය සඳහා චාරිකාවක නිරත විය.
මෙම සංචාරයේදී එතුමන් විසින් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ගෘහ භාණ්ඩ බෙදාදීමක්ද සිදුකරන ලදී.