Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2024 17:21:16 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් 2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන යුද්ධ හමුදා පොත් ප්‍රදර්ශන කුටිය වෙත පැමිණෙයි

2024 සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් මස 6 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 ශ්‍රී ලාංකීය සාහිත්‍යයට ගැඹුරු නව පැතිකඩක් ලබාදුන් අතර, පොත් ප්‍රදර්ශන ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රධාන ප්‍රදර්ශනයට සමගාමීව යුද සාහිත්‍ය පොත් ප්‍රදර්ශන කුටියක් සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය 2024 ඔක්තෝම්බර් මස 4 දින පොත් ප්‍රදර්ශනය නැරඹීමට සහභාගී විය.

පශ්චාත්- යුදගැටුම් සමාජයක වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන්කරමින් මෙම යුද සාහිත්‍යයෙහි නව අවධානය කුරිරු යුද්ධය සමග වැලලීගිය කිසිවෙකුට නොකියූ කැපකිරීම් සහ සිදුවීම් සමාජයට ප්‍රකාශකිරීම සඳහා නව මාවතක් විවරකිරීමය. සත්‍යතාවයෙන් යුත් පුද්ගලික අත්දැකීම්වලින් නිර්මාණය වූ මෙම පොත් සහ කාව්‍යය සිට චිත්‍රපට දක්වා විශේෂාංගත කෘතින් මගින් මහජනතාවට කලින් නොදැන සිටි පැතිකඩක්වෙත විචක්ෂණ බුද්ධියෙන් බැලීම සඳහා අවස්ථාවක් උදාකොට ඇත.