03rd October 2024 15:12:04 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 2024 ඔක්තෝබර් මස 02 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී නව ආරක්‍ෂක ලේකම් වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී (දෙවරක්) ආර්එස්පී යූඑස්පී එම්එම්එස්සී (Strat අධ්‍යයන - චීනය) එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන සහ Strat අධ්‍යයන) එෆ්එන්ඩීයූ (චීනය) පීඑස්සී හමුවිය.
මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා යුද්ධ හමුදාවේ පූර්ණ සහයෝගය අමාත්‍යාංශය වෙත ලබා දෙන බැව් ප්‍රකාශ කළේය. එහිදී ආරක්‍ෂක ගැටළු සහ ඒ ආශ්‍රිත අනෙකුත් කරැණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර, එම හමුව අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් අතර, සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුවූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන්ගේ නව ධූරයේ පත්වීම වෙනුවෙන් සුභපැතුම් පළ කරන ලදී.