01st October 2024 17:08:39 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් 68 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝබර් මස 01 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, එම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, එතුමතු භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසුව රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකළේය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහභාගී විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.