24th September 2024 15:00:28 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 24 දින 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
එම සංචාරය අතරතුරදී, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත සේනාංක බල ප්‍රදේශයේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය, වගකීම්, කාර්යභාර්ය සහ සේනාංකයේ රාජකාරි ස්වභාවය පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී. අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටියේය. පසුව භටපිරිස් ඇමතීම සිදුකොට අනතුරුව, සංචාරය අවසන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක් ද තැබීය.