23rd September 2024 18:58:54 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 18 වන දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 10 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සමුප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
එම සංචාරය අතරතුරදී, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් සමඟින් සමූහ ඡායාරූප කීපයක් සඳහාද පෙනී සිටියේය. පසුව 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එතුමන් වෙත සේනාංක බල ප්‍රදේශයේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය, වගකීම්, කාර්යභාර්ය සහ සේනාංකයේ රාජකාරි ස්වභාවය පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.
අනතුරුව, එතුමන් භටපිරිස් අමතමින්, තම රාජකාරිය ඉටු කිරීමේදී නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත පැවරී ඇති වගකීම් පිළිබඳව අවධාරණය කරන ලදී. සංචාරය අවසන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක් ද තැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.