22nd September 2024 12:41:56 Hours
2024 ජුනි මස 12 සිට සැප්තැම්බර් මස 14 දින දක්වා මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේදී පැවති ‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු තරුණ නිලධාරි පාඨමාලා අංක - 49’ හි විසිරයෑමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 දින පැවැත්විණී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී සහභාගී විය.
සමාප්ති උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් “The Role of Artillery in the Russia-Ukraine War: Emerging Trends” තේමාව ඔස්සේ ඉදිරිපත් කිරීමක් සිදුකෙරිණි.
කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියලුම කාලතුවක්කු රෙජිමේන්තු නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉදිරිපත් කිරීම සමාප්තියේ සති 12 ක දීර්ඝ කාලීන පාඨමාලාව සමාප්තියේ විසිර යන සාමාජිකයන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරිණි.
7 සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කපිතන් ජේ.පී.සී. සිංහවංශ පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයාට හිමි “Silver Gun” සම්මානයෙන් පිදුම් ලැබීය.
උත්සවේය සමාප්තිය සනිටුහන් කරමින් මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන රාත්‍රියක් ද පැවැත්විණි.