22nd September 2024 12:45:22 Hours
සන්නද්ධ බුද්ධි බලකායේ 26 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 සැප්තැම්බර් මස 11 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව එතුමන් වෙත සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් ද පුදකළහ.
සමූහ ඡායාරූපයක් සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව බලකාධිපතිතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ නව බලකාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිළි කළේය.