21st September 2024 04:54:57 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 57 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 සැප්තැම්බර් මස 18 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබීය.
එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අභාවප්‍රාප්ත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්පී ගේ ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.
පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාවිධායකතුමන් ස්වේච්ඡා බලසේනා ඉතිහාසය තුළදී මව්බිමේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමටත් මානුෂීය මෙහෙයුම සඳහාත් දායකත්වය ලබාදෙමින් ස්වෙච්ඡා බලසේනා සාමාජිකයන් ඉටුකරනු ලැබූ මහඟු කාර්යභාරය පිළිබඳව විසින් අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් නව සේනාවිධායකතුමන් වෙත සිය සුභපැතුම් එක් කළහ.