18th September 2024 13:06:23 Hours
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 14 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ධූරයෙන් නික්ම යන සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. පසුව, එතුමන් දිවංගත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.
පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයේ රාජකාරි භාරදීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සිය කාර්යාලයේදී එතුමන්ගේ ඡායාරූපයක් නිරාවරණය කළ අතර එම මූලස්ථාන කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය. පසුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
අනතුරුව, ධූරයෙන් නික්ම යන සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවය අගයමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. පසුව, එතුමන් විසින් යුද්ධ හමුදා ස්වෙච්ඡා බලකා පුහුණු පාසල් කායවර්ධන ශාලාවේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති රූපවාහිනියක් මිලදී ගැනීම සඳහා එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්න කේඑස්පී වෙත රුපියල් 170,000.00 ක වටිනාකමකින් යුත් චෙක්පතක් පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.